වෙලඳ දැන්වීම්

අධ්‍යාපන ක්‍රමය


     ලංකාවේ නීති රීති වලට අනුව අපි ඉගෙන ගන්නවා. සාමාන්‍යෙන් පාසල් අවධියේ නම් වසර 13ක්. ඔයාගෙන් ඇහුවොත් ඇයි ඉගෙනගන්නෙ කියලා..? බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ ඉගෙන ගන්නේ විභාගේ පාස් වෙන්න. ඕ ලෙවෙල්, ඒ ලෙවෙල් පාස් වෙලා කැම්පස් යන්න. ඔව්. ඇත්තටම කැම්පස් යන්න ඕනයි කියන එක බොහෝ දෙනාට තියෙන හීනයක්.. වැදගත් දෙයක්. වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ කියන දෙයත් ඇත්ත. මම දැන් මේ කතා කරන්න යන්නේ අධ්‍යාපනය ලැබීම වරදක් කියල නෙවෙයි හොඳඳ.. අධ්‍යාපන ක්‍රමයේ වරද


     අපෙන් ඉගෙනගන්නේ ඇයි ඇහුවම අපේ පිළිතුර වෙන්න ඕනේ නිවැරදිව ජීවත් වෙන්න කියන එක. හැබැයි අපේ ඔළු එතනට හැදිලා නැත්තේ මෙන්න මේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද නිසා. අපි ඉගෙන ගන්න ඕනෙ විභාග පාස් කරන්න නෙවෙයි. අපේ පාර හොයාගන්න. රජයකින් මිනිස්සුන්ට අධ්‍යාපනයක් දෙන්න ඕනේ කැම්පස් යවන්න නෙවෙයි. මිනිහෙක්ට කාටවත් අත පාන්නෙ නැතුව තමන්ගෙ ජීවන ක්‍රමය හදාගන්න. අන්න ඒකයි අපේ පන්සල් වලින් අපිට උගන්නපු, රොබට් නොක්ස්ලා ලීව අතීත ප්‍රෞඩ ලංකාවෙයි, ඉංග්‍රීසි පාසල් වල ඉගෙනගත්තු දැන් සමාජෙයි අතරෙ තියෙන වෙනස.

     අතීතෙදි පන්සලෙන් මිනිහෙක්ට ජීවන දර්ශණයක් ඉගැන්නුවා. ඉන් පස්සේ වෙදකම වැඩිදුර ඉගෙනගන්න ආස එකා ගමේ වෙද මහත්තයා ලඟින් ඉගෙනගත්තා. වෙන දේවල් වලට කැමති අය ඒ ඒ දේවල් ඉගෙනගත්තා. නිසි කලදී ඒ සියළුම දෙනා තමන්ගේම දෙපයින්, තමන්ගේ ස්ථාවරයකින්, රටේ ශ්‍රම බලකායට එකතු උනා.. හැමෝම වැඩ කලා.

     අද මොකද වෙලා තියෙන්නේ..? රැල්ලට ඉගෙනගන්නවා. ඕලෙවෙල් ෆේල් එකා කිසිම රැකියාවක නියැලෙන්න ඉගෙනගෙන නෑ. ඌට කරන්න දෙයක් නෑ. රැකියවකට සුදුසුකමක් නෑ. පාරක් පෙන්නන්න කවුරුවත් නෑ. අහ්, ඕලෙවෙලුත් ෆේල් එකානේ. දෙමාපියන්ටත් මොනවද කරන්න ඕනෙ කියන ගැන අවබෝධයක් නැත්නම් ඒ කොල්ලා කුඩු කාරයෙක් වෙනවා. ඒ ලෙවල් හීනේ තියාන ඉගෙනගත්ත උන් ඔක්කොටම කැම්පස් යන්න බෑ. උන් ටිකත් එලියට වැටෙනවා. අර සෙතේමයි. හැබැයි උන්ට නම් ඕලෙවෙල් තියෙන නිසා යම් කිසි කුඩා සුදුසුකම් ඉල්ලන රැකියාවකට හෝ වැඩිදුර අධ්‍යාපන කෝස් එකකට යන්න පුළුවන්. කැම්පස් ගිය එකා අවුරුදු 5ක් කට්ට කාලා අවුට් වෙනවා. හැබැයි ඒ අවුට් වෙනකොටත් උන් මොකද කරන්නේ කියල දන්නෙ නෑ, තමන්ගේ දෙපයින් තමන්ගේ ව්‍යවසායකත්වය එළියට ගන්න දන්නෙ නෑ. ඉගෙනගත්තේ ජීවිතයට කිසිම වැදගැම්මකට නැති දෙයක්. අන්තිමට උන් ටිකත් පාරෙ බැහැලා බෝඩ් අල්ලන් ඉන්නවා. 

     මේක නේද ඇත්ත? එතකොට අතීතයේදී අපේ රට ඉතා සශ්‍රීකව තියෙන්නත්, අද මෙහෙම වෙන්නත් හේතුව හිතාගන්න පුළුවන් නේද? මම දකින විදියට නම් ප්‍රධාන හේතුව වෙන්නේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. මොකද දැනට ඉන්න පාර්ලිමේන්තුවෙන් බහුතරයක් මම අර ඉස්සෙල්ලම කියපු ඕලෙවෙල් වලින් ෆේල් වෙලා අතරමංවෙලා හිටපු නන්නත්තාර පිරිසක්.....

======================================================================



======================================================================

ඔයාලගේ අදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙන යන්න.

Post a Comment

0 Comments