වෙලඳ දැන්වීම්

නැන්දම්මා - ලේලි වලිය එපා වෙලා නේද?

කෙල්ලේ..,

"අපි බැන්දාම අපේ අම්මලාගේ ගෙදරටම යමු. අම්මට සළකන්න ඕනේ" කියල කොල්ලා කිවුව නේද??

එදා අම්මට තාත්තට සළකන දරුවා මටත් හොඳින් සළකයි කියල විශ්වාස කලා නේද කෙල්ලේ?? අන්න එතනයි උඹට වැරදුනේ.. මනුස්සයා එතනදිම ඔයාට දීලා තියෙනවා ඉඟියක්. ඔයා පිට කෙනෙක්, අම්මා මගේ කියල... ඔයා ඒක තේරුම් ගත්තෙ නෑ..

දෙමාපියන්ට සළකන්න ම ඕනෙ... ඒක කවුරුත් කරයි කියලා බලාගෙන ඉන්න හොඳ නැහැ.. මග අරින්න හොඳ නැහැ. අපි එයාලට අනන්තවත් ණයයි..

නමුත් බැඳපු කෙනෙක් නම් අනිවාර්යෙන් වෙනම ඉන්නම ඕනෙ. මුල් කාලෙ, ළමයෙක් හම්බ වෙනකන් හරි වෙනම ඉඳීම අත්යාවශ්යයි.. සමහර තැන් වල නැතත් 90%ක් තැන් වල ප්රශ්ණ ඇති වෙලා තියෙන්නේ බැන්ද දවසෙ ඉඳන් ගෙදර ඉන්න ගියාම.. ඒකට සාධාරණ හේතු තියෙනවා..
විශේෂයෙන් බැඳපු අළුත වත් දෙන්නා කැමති දේවල් කැමති විදියට කරලා ජීවිතේ ටිකක් විඳින්න, ආදරය කරන්න වෙනම ඉන්න ඕන... පෞද්ගලිකත්වයට මුල් තැනක් දෙන්න ඕනෙ.. හැමදාම හවස ගිහින් අම්ම තාත්තගෙ දුක සැප බලල එන්න හරි ලඟ තැනක හරි වෙනමම ඉන්න ඕනේ.. ඒ ගෙදර දෙන්නා කැමති විදියට ජීවත් වෙන්න, ජීවිතේ විඳින්න ඕනේ..
ගෙදරට එන කෙනාගේ අදහස් ගොඩාක් වෙලාවට ගෙදර ඉන්න අය එක්ක 100%ක් ගැළපෙන්නෙ නෑ.. නමුත් ටික කාලයක් වෙනම ඉඳලා, පවුලෙ අය සමීප උනාට පස්සේ, දෙන්නගෙ ජීවිතේ ස්ථාවර උනාට පස්සේ, පවුල් වල සමාන අසමාන කම් තේරුම් ගත්තට පස්සේ එක ගෙදර හිටියට ගැටළු ඇති වෙන්නෙ නෑ..
ගොඩක් වෙලාවට ගෑණු ළමයි කසාද බඳිනකන් ගෙවන්නේ දෙමාපියන්ගේ සීමාවන් නිසා ටිකක් හිර වුනු ජීවිතයක්.. එයාලා බලාපොරොත්තු වෙනවා කසාද බැඳලා ආවම තමන්ට නිදහසක් ලැබෙයි කියල.. නමුත් පවුලෙ අය ඉන්න ගෙදරටම ආවම වෙන්නේ ඒ නිදහස සීමා වෙන එකට අමතරව තව තව අළුත් වගකීම් ගොඩක් ඔළුවට පැවරෙන එක. ඒක නිසා ටික කාලෙකදී ගැටළු ඇති වෙනවා.. ස්ට්රෙස් වෙනවා.. තරහ යනවා..

ඒ වගේම බැඳලා එද්දී කෙල්ල විශ්වාස කරනවා මහත්තයා එයාව ආරක්ශා කරයි, එයා එක්ක ඉඳී කියලා.. නමුත් ගෙදර ගැටළුවක් ඇති උනාම පිරිමි අසරණ වෙනවා ගන්නෙ අම්මගෙ පැත්තද, කෙල්ලගෙ පැත්තද කියල.. අවාසනාවට වගේ බැඳලා අපේ ගෙදරම ඉන්න ඕනේ, අම්මව ඕනේ කියන බොළඳ පිරිමි අන්න ඒ වෙලාවට ගන්නේ කෙළින්ම අම්මගෙ පැත්ත.. එතකොට කෙල්ලගේ සියළුම සිහින බිඳ වැටිලා ඒ කෙල්ල තනිවෙනවා.. එතන ඉඳන් ජීවිතේ සාර්ථක කරගත්ත ගැහැණු ගොඩක්ම අඩුයි. එක්කො ටික කාලෙකින් ඩිවෝස් වෙනවා, එක්කො වෙන පිරිමියෙක් හොයාගන්නවා.., නැත්නම් මැරිච්ච හිතක් එක්ක ලෝකෙන් වහං වෙලා ඔහේ ජීවත් වෙනවා.. අන්න ඒ නිසා වෙනම ඉඳීම අත්යාවශ්යයි..
ඒ නිසා ගැහැණු ළමයිනුත් බඳින්න කලින් හිතන්න ඕනේ අර ප්රාථමික පාසල් වල දරුවො වගේ "ප!ස්!ස හෝදන්නත් අම්මි ඕනේ" කියන කෙනෙක් කසාද බැඳගෙන දුකසේ ජීවත් වෙනවද, නැතිනම් තමාට ස්ථාවරයක් තියෙන, අම්ම තාත්තටත් සළකගෙන, හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන්න පුළුවන්, තමන්ට සතුටක් වෙන්න පුළුවන් මනුස්සයෙක්ව බැඳගෙන නිදහසේ ඉන්නවද කියල...

දැනටමත් ඔයා මේ ප්‍රශ්ණෙ නිසා විඳවන කෙල්ලෙක් නම් ඔයාගෙ ජීවිතේට අළුත් බලාපොරොත්තුවක් එකතු කරගන්න මේ කතාව මෝටිවේශන් එකක් කරගන්න. ඔයාගෙ ප්‍රශ්ණ මනෝ උපදේශක වරයෙක් එක්ක කියලා විසඳුමක් ගන්න. මම කියන්නෙ නෑ ඩිවෝස් වෙන්නයි කියල. නමුත් ඔයාගෙ ජීවිතේ අයිති ඔයාට. ඕනෙම කෙනෙක් ගන්න තීරණයක් කාලයක් ගිහිල්ලා වැරදියි කියල හිතෙන්න පුළුවන්, නමුත් ඒකෙම ඇලි ඇලී ඉන්න එක නම් බොරු වැඩක්. කරුමෙ වෙනස් කරන්න පුළුවන් ඔයාටම විතරයි. ගෙදර කන්නාඩිය ඉස්සරහට ගිහින් බලන්න. ඒකෙන් ඒ පේන්නේ මේ ලෝකේ ඔයාව සතුටින් තියන්න පුළුවන් එකම එක්කෙනා තමයි. එයාව ලස්සන කරන්න. එයාට ආදරේ කරන්න. ඔයාට දිනන්න පුළුවන්. අළුත් බලාපොරොත්තු ගොඩනඟාගන්න පුළුවන්. හැම වැරැද්දකටම කොහෙ හරි උත්තරයක් තියෙනවා. හොයන්න හොයන්න... ජය වේවා..!

Post a Comment

0 Comments