වෙලඳ දැන්වීම්

රුබික්ස්

මැජික් කියන්නෙ එකක්. රුබික්ස් සූත්‍ර ගණිතය තව එකක් සහ රුබික්ස් රටාවන් කියන්නෙ තව එකක්. නමුත් මැජික් වලට රුබික්ස් කැටය යොදාගන්නවා. දැන් එක එක පැහැදිලි කරන්නම්.

1. මැජික් කියන දේ ගණිත හෝ සූත්‍ර වලින් විසඳන්න බැහැ.. (ගණිත මැජික් තිබුණත් ඒවා යම්කිසි රටාවන් විතරයි.. එකම එක රටාවක් විතරයි. විවිධ ක්‍රම වලින් විසඳන්න බෑ..) මැජික් කියන්නෙ නියතයක්.. ඒක ඇතුලත බලන ඕනෙම කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි කරන්න අමාරුයි. හේතුව තමයි මැජික් වලදි වඩාත්ම වැදගත් වෙන්නේ කරන පුද්ගලයාගෙ හැකියාව.. අතපය හැසිරවීම සහ Eye Contacts, විශ්වාසය ඇති කිරීම වගේ..

2. රුබික්ස් සූත්‍ර ගණිතය කියන දේ සාමාන්‍ය ගණිත හැකියාවක් තියෙන කෙනෙකුට කරන්න අමාරු දෙයක්. ඒක කරන්න නම් රුබික්ස් කැටයේ පැති 6ම මතක තියාගෙන ඒවා සූත්‍රයකට ආදේශ කරලා අදාල X,Y,Z විදියට කැරකවීමයි කරන්න ඕනේ.. නමුත් ඒක පුරුදු උන දරුවන් පවා ඉන්නවා ඉතාම ඉක්මණින්, සමහරවිට තප්පර ගණනකින් රුබික්ස් පස්ල් විසඳනවා.. ඒක සම්පූර්ණයෙන්ම ඔහුගේ හෝ ඇයගේ මතක ශක්තිය සහ ගණිත හැකියාව මතම පදනම් වෙන දෙයක්..

3. රුබික්ස් රටාවන් කියන්නෙ වෙනම කතාවක්.. (ඔය හැමෝම කියන පියවර 7ක කතාව) ඒකේ සූත්‍ර නැහැ.. ඒ පියවර 7ම කට පාඩම් කරගත්ත නම් විනාඩි 3ක් 4කින් රුබික්ස් කැටය ඕනෙම කෙනෙකුට හදන්න පුළුවන්.. මේ ක්‍රමේට මටත් පුළුවන් විනාඩි 3ත් 5ත් අතර කාලයකින් කොයි විදියට කරකවල තිබුනත් හදන්න.. ඒකට ගණිත හැකියාවක් වත්, විශාල මතක ධාරිතාවක් වත් අවශ්‍ය වෙන්නෙ නෑ.. පුහුණුව පමණක් ප්‍රමාණවත්..

4. රුබික්ස් කැටය මැජික් සඳහා යොදාගන්නවා.. ඇමරිකන් ගොට් ටැලන්ට් වැඩසටහනේ රුබික්ස් කැටය යොදාගෙන කෙරුණු මැජික් බොහොමයක් තිබුනා.. ඒවා ගොඩක් ඒවගෙ රිවීල්ස් යූටියුබ් තියෙනවා සහ මම කුතුහලය නිසාම බැලුවා.. ඒ සියල්ලගේම තියෙන්නේ නිරන්තර පුහුණුවෙන් කරන ට්‍රික්ස් මිසක් කිසිම සූත්‍රයක් හෝ IQ සම්බන්ධ දෙයක් නෙවෙයි..

උදාහරණයක් කියන්නම්. එක මැජික් එකක්.

එක කැටයක් විනිසුරුවෙකුට දෙනවා කරකවන්න කියල.. ඊට පස්සෙ ඒක අරගෙන කඩදාසි බෑග් එකක් ඇතුලට දාලා ස්නැප් එකක් ගහලා ආපහු එළියට ගනිද්දි කැටේ හැදිලා.. ඒක ටේබල් එක උඩින් තියෙනව.. විනිසුරුවන් පුදුම උනාම ඔහු කියනවා මේ බෑග් එකේ කලින් හදපු කැටයක් තිබුණා, ඕක කලින් හදපු එක. නමුත් මේ තියෙන්නෙ ඔයා කලවම් කරපු එක කියලා ඒක බෑග් එකෙන් අරං පෙන්නනවා.. විනිසුරුවන් හිනා වෙනවා.. ඉන්පසු ඔහු අළුත් කඩදාසි බෑග් එකක් අරගෙන ඒක හිස් බව හැමෝටම පෙන්නලා අර කලවම් කැටය බෑග් එක ඇතුලට දානවා.. දාල ස්නැප් එකක් ගහලා ආයෙ ගන්නකොට ඒකත් හැදිලා.. ඒක තමා මැජික් එක.

නමුත් ඒකෙ යථාර්ථය මෙහෙමයි.. කලින් කඩදාසි බෑග් එක ඇතුලේ ඇත්තටම කැට 3ක් තිබුනා. එකක් විනිසුරු කලවම් කරල දීපු එක. අනික හදපු එක. අනික් එක කලින් රටාවකට කරකවලා තිබ්බ එකක්.. විනිසුරුගේ එක් බෑග් එකට දාලා හදපු එක අරන් පෙන්නනවා. පස්සෙ බෑග් එකේ කැට 2ක් තිබුනා කියල අර කලින් රටාවකට හදල තිබ්බ එක අරන් පෙන්නනවා.. අර විනිසුරු කලවම් කරපු කැටේ හංගලා ඒ බෑග් එක ඉවත් කරලා අළුත් බෑග් එකකට දාන ගමන් අතේ ඇඟිලි වලින් අර රටාව ආපහු හදනවා.. ඊට පස්සේ ස්නැප් එකක් ගහලා හදපු කැටේ එලියට ගන්නවා..

එතනදි ඉස්සෙල්ලම ප්‍රේක්ශකයා නොමග යැවීමට තමයි කලින් බෑග් එකේ කැට 2ක් තිබ්බා කියල කිවුවේ. බෑග් එකේ කැට 3ක් ඇති කියල කෝමත් කවුරුත් හිතන්නෙ නෑ.. ආයෙ බෑග් එක විසිකරන දිහා කවුරුත් බලන්නෙවත් නෑ.. ඊලඟට අර රටාවක් තියෙන කැටේ දැක්කට විනිසුරුවා හිතන්නෙවත් නෑ මේ මම කරකවපු කැටේ නෙවේ කියල. ඒක ඔහුට මතකත් නෑ.. ඒ නිසා කිසිම ගැටළුවක් නැතුව තමන් පුරුදු උන විදියට අර කැටේ බෑග් එකට දාන ගමන්ම හදන එක ඒ පුද්ගලයාගේ පුහුණුවෙන් ලැබුණු හැකියාවක්.. එතන කිසිම ගණිතයක් හෝ සූත්‍රයක් නෑ.. ඇස් බැන්දුමක් පමණයි. රුබික්ස් කැට පමණක් නොවේ, වෙන ඕනෑම මැජික් එකක් එහෙමයි..

ඔයා රූබික්ස් කැටයක් ගණිතයෙන් හදන කෙනෙක් නම් ඇත්තටම වැඩ්ඩෙක්.. රුබික්ස් විසඳන ඇප් එකක් ගත්තොත් ඒකෙන් පෙන්නන්නේ ඒ ගණිත ක්‍රම වලට අනුව කැටය ව්සඳන විදිය. එතකොට ඉතා අඩු කැරකවීම් වාර ගණනකින් කැටය හදන්න පුළුවන්.. නමුත් රටාවට අනුව හදනවනම් අච්චර අඩු පියවර ගණනකින් හදන්න බෑ. අනිවාර්‍යෙන් කැරකවීම් වාර 50කට වැඩියෙන් කරකවන්න වෙනවාමයි..!

~ ඉඳුනිල් වීරතුංග ~

Post a Comment

0 Comments