මෙටාවර්ස් කියන එක ගැන යම් අවබෝධයක් තියෙන අයට තමයි මම මේ හැල්ල ලියන්නේ. නොදන්නම අය ඉන්නවනං පෝඩ්ඩක් පැහැදිලි කරන්නං මොකද්ද මේ කියල.
මෙටාවර්ස් කියන්නේ වෙනම ලෝකයක්. සැබෑ ලෝකය හා තරඟ කරන්න පුළුවන් සුපිරිම ලෝකයක්. මිනිසා විසින්ම නිර්මාණය කරන, මිනිසා අකමැති දේවල් කිසිවක්ම නැති ආස දේවල් හැම තැනම තියෙන අරුම පුදුම ලෝකයක්. කෝමද මේ ලෝකෙට අපි යන්නේ? ඒකට අපිට ඕනෙ වෙනවා අමුතු ගැජට් සෙට් එකක්. එකක් තමයි වී ආර් බොක්ස් එක. ටෙස්ලා ඇඳුම සහ විශේශිත ග්ලව්ස් වර්ගයකුත් මේකට ඕනේ. ඒ වගේම වෙනස්ම විදියකට හදපු ට්‍රෙඩ් මිල් එකකුත් මේ ගැජට් ගොඩට අයිතියි. මෙන්න මේ දේවල් තියේනම් පුළුවන් මේ මෙටාවර්ස් ලෝකයට ඇතුල් වෙන්න. ඒකෙදි වෙන්නේ අර සියළුම ගැජට් ජාති වලින් අපිව ඇත්තටම ඒ ලෝකෙ ඉන්නවා වගේ දැනෙන්න සළස්වන එක. ඒක තනිකරම මිනිසා විසින් හදපු ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලේ අපිට වෙනම අපේ ප්‍රොෆයිල් එකක ජීවත් වෙන්න පුළුවන්.
මම මේකෙන් කතා කරන්නේ මෙටාවර්ස් සංකල්පය ගැන නම් නෙවේ. මෙටා වර්ස් එක තුල මිනිස්සු ඇබ්බැහි උනාට පස්සේ එතනින් එහාට මේ ලෝකය මොනවගේ තැනක් වේවිද කියල යම් උපකල්පනයක් ගැනයි.
අවුරුදු 15කට කලින් අපේ පරිගණක හෝ ජංගම දුරකථන ගැන තිබුණු දැණුමයි, ඒ කාලෙ තිබ්බ තාක්ශණයයි එක්ක බලනකොට අපිට මේ වගේ කාලයක් එයි කියලා කවදාවත් හිතන්න පුළුවන් උනාද? අන්න ඒ වගේ අපි හිතන්නත් කලින් මේ වගේ කෘතීම ලෝක අනිවාර්‍යයෙන් නිර්මාණය වේවි. මීට අවුරුදු 10කට කලින් මේ වගේ පරිගණක හෝ මොබයිල් ක්‍රීඩා වලට ඇබ්බැහි උන තරුණ පරපුරක් ගැන අහන්න තිබුණද? ඒ වගේම මේ මෙටාවර්ස් වලටත් මිනිස්සු අපි හිතන්නත් කලින් හුරු වේවි.
එහෙම ඇබ්බැහි උනාම මනුස්සයෙක් කොහොමද ජීවත් වෙන්නේ? කන්නෙ බොන්නෙ වත් නැතුව මිනිස්සු මෙටාවර්ස් එක ඇතුලෙම ඉන්න ඇබ්බැහි උන කෙනෙක් රස්සාවක් කරන්නෙ කොහොමද? මගේ නිගමණය නම් "මෙටාවර්ස් ඇතුලේ රැකියා බිහි වෙනවා" මිත්‍රවරුණි..... ඒකෙන් අපිට ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් වෙනවා. මෙටාවර්ස් එක ඇතුලේ නිශ්පාදකයෝ බිහි වෙනවා. අලෙවිකරුවො බිහි වෙනවා. කලාකරුවෝ බිහි වෙනවා. තව තව අනන්තවත් රැකියා බිහි වෙනවා. ඒවාගෙන් මිනිස්සු සල්ලි හම්බ කරගන්නවා. මොනවද හම්බ කරන සල්ලි? උත්තරය තමා ක්‍රිප්ටො කරන්සි.
හිතාගන්න බැරි නම් පුංචි උදාහරණයක් දෙන්නම්. ඔයාලා අද ලෝකය දිහා බලන්න. ගේම් ගහන අය ගැන හිතන්නකෝ. එයාලා ගේම් එකට සල්ලි දානව කියල දන්නව නේද? ඒ දාන්නෙ මොකටද? ගේම් එක ඇතුලෙ ඇඳුමක් ගන්න, ගේම් එක ඇතුලෙ වෙපන් එකක් ගන්න, ඒක අප්ඩේට් කරන්න එහෙම. ඉතිං ඒ වගේ දැනටත් මිනිස්සු ඩිජිටල් ගේම් එකක් වෙනුවෙන් වියදම් කරනවානම්, තව කාලෙකින් අපි ජීවත් වෙන ලෝකෙ වගේම මෙටාවර්ස් එකක් ආවම ඒකෙ අපිට අඳින්න අළුත් ඇඳුමක් ගන්න, සපත්තුවක් ගන්න, ගෙදරක්, ඉඩමක් ගන්න, වාහනයක් ගන්න, වාහනේ මොඩිෆයි එකක් කරන්න වියදම් නොකර ඉඳී කියල හිතන්නෙ කොහොමද?
ඔය ඔක්කොම හරියි කියමුකො.. එතකොට මිනිස්සු ඔය ලෝකෙ අතරමං උනාම කොහොමද කන්නෙ බොන්නෙ නාන්නෙ වත්? මුලදි මුලදි නම් ඔය කොහොම කොහොම හරි ඒවත් කරගන්නවයි කියමුකො. නමුත් දිගටම ඇබ්බැහි වෙන්න ගියාම ශරීර සෞඛ්‍ය, ලෙඩ දුක් ගැන ප්‍රශ්ණ වෙනව නේද? අන්න එතනදි තමයි හොඳම වැඩේ වෙන්නේ.. මේක වෙන්න නම් කොච්චර කාලයක් යයිද කියල හිතන්න නම් අමාරුයි. නමුත් කවදාක හරි වෙන්න ඉඩක් තියෙනවා. මේකයි,
ඔයාලට මතකද මේට්‍රික්ස් ෆිල්ම් එක? ඒකෙදි සැබෑ මිනිසුන්ව යම්කිසි යන්ත්‍ර වගයකට සම්බන්ධ කරලා ජීවත් වෙන්න අවශ්‍ය සියළුම සැපයුම් බට වලින් එනවා මතකද? එයාලට සම්බන්ධ කරල තියෙන වයර් වලින් එයාලව වෙනමම ලෝකෙකට සම්බන්ධ කරලයි තියෙන්නේ.. මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් උනාට ඒක ඇත්තක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියල මට නම් හිතෙනවා. මොකද දැනටත් ඒ සම්බන්ධ යම් යම් සාක්ශි සාධක තිබෙන නිසා. මොනවද ඒ සාක්ශි?
ඔයා අහල තියෙනවද ඔක්සි මීටර්, හාට් පල්ස් මීටර් වගේ නොයේක් ජාතියේ සෙන්සර් තියෙන ඔරලෝසු ගන්න තියෙනවා? ඒවා අපේ ෆෝන් එකට සම්බන්ධ කලාම අපේ ඇඟේ නිරෝගී මට්ටමට වඩා යම් වෙනසක් වෙනවනම් අපිට අනතුරු ඇඟවීමක් කරනවා ක්ශණිකවම. අන්න ඒ වගේ තාක්ශණය දැන් දියුණු වෙමින් තියෙනවා. නියුරාලින්ක් කියල හොයල බලන්නකෝ. ඒක දැනටත් පර්‍යේශණ මට්ටමේ තියෙන අපේ මොලේට කෙලින්ම සිග්නල්ස් යවන්න පුළුවන් කුඩා තාක්ශණික උපකරණයක්. අන්න ඒ වගේ ගැජට් එකක් ඇඟට හයි කරලා තිබුනනම් බය වෙන්න දෙයක් නෑ. කිසිම ලෙඩකට අපිට මෙටාවර්ස් එකෙන් එලියට එන්න ඕනෙ වෙන්නෙ නෑ. අදාල ලෙඩේ ඒ උපකරණයෙන්ම ඩිටෙක්ට් කරගෙන අවශ්‍ය බෙහෙත් ආදිය ඒකෙන්ම ඩිටෙක්ට් කරලා ෆාමසියට ඕඩර් එක යවනවා. ඒ බෙහෙත් ගෙදරට ආවාම අවශ්‍ය වෙලාවට බෙහෙත් බොන්න දෙන්න රොබෝ කෙනෙක් ඉන්න එක අනාගතයේදී ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වේවි.
එතකොට කන බොන දේවල්? ඒකත් එහෙම පුළුවන්නේ.. ඒක නම් ක්‍රම දෙකකට පුළුවන්. එකක් තමයි අපි මෙටාවර්ස් එකේ තියෙන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා අපි ආස, අපිට ඕනෙ කෑම ජාතිය ඕඩර් කරනවා. එතකොට ඒ ඕඩර් එක ඇත්තටම රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා අපේ ගෙදරටම කෑම එක එනවා. කෑම කන්නවත් එලියට එන්න ඕනෙ වෙන්නෙ නෑ කෑම කවන්නත් රොබෝ කෙනෙක්ම හිටියනම්.
අනෙක් ක්‍රමේ නම් ටිකක් සංකීර්ණයි. මම මේක ගැන හිතුවෙත් යූටියුබ් වීඩියෝ එකකට දාල තිබුනු කමෙන්ට් එකකින්. හිතන්නකො අපේ ඇඟේ දිවට දැනෙන රස ගැන. ඒක වෙන්නේ අපේ දිවේ රස සංවේදක වලින් එන සිග්නල් නිසා. ඒවා මොලේට ගියාම මොලෙන් කියනවා මේක මේ රසයි කියල. නමුත් කෙලින්ම මොලේට සිග්නල් යවන්න පුළුවන් උපකරණයක් අපේ මොලේට සම්බන්ධ කරල තියේනම් අපි ඒකෙන් ඕනෑම කෑමක රස වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අපි මෙටාවර්ස් එකේ කඩේකින් කෑම එකක් ඕඩර් කරනවා. නිකමට හිතමු පීසා එකක් කියල.. ඒකට චීස් වැඩිපුර දාලා, තව තව ජාති දාලා අපි කැමතිම රසට හදන්න කියලා ඕඩර් එක දානවා. දැන් අපේ මොළේ දන්නවා මොනාද අපි ඕඩර් කලේ කියල. ඊලඟට කෑම එක අපේ ගෙදරට ආව කියමුකො. හැබැයි ඇත්තටම එන්නේ කෑම එකක් නෙවේ.. අපේ ඇඟට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයේ විටමින්, ඛනිජ ලවණ ආදිය අඩංගු මොකක් හෝ කෑමක්. රොටියක් වෙන්නත් පුළුවන්. අන්න ඒ රොටිය අපි කනකොට අර උපකරණය මගින් අපේ මොළේට දෙනවා මේක මේ රහයි කියල. අන්න එතකොට අපිට ඇත්තටම දැනෙන්නේ අපි ඒ රසටම ඒ කෑම එකම කෑවා කියල..
ඔය වගේ දේවල් වලින් අන්තිමට වෙන්නේ මෙටාවර්ස් එක ඇත්තම ජීවිතේ කියල මිනිස්සු හිතන්න පුරුදු වෙන එක. එතකොට අන්තිමට මිනිස්සු අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ ඉපදුනු ගමන්ම මැශින් එකකට සම්බන්ධ කරලා සියළුම සැපයුම් පිටින් දෙන කාලයක් එන්නත් බැරිම නැහැ... මොනවද මේ ලෝකේ වෙන්න බැරි නේද...? එහෙනම් ජය වේවා..
======================================================================
.
======================================================================
ඔයාලගේ අදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙන යන්න.
තෙරුවණ් සරණයි..!
0 Comments